C programmin in sinhala

C Programming In Sinhala | 06 | Loop

හැමෝටම කලින් කරපුවා මතක ඇති කියලා මම හිතනවා, වැරදිලා හරි කෙනෙකුට කලින් කරපුවා බලාගන්න බැරිවුනා නම් මෙතනින් ගිහිල්ලා ඒ ටිකත් බලලම එන්නකො..

මුලින්ම මම කියන්නම් loop එකක් කියන්නෙ මොකක්ද කියලා. ඇත්තටම loop එකක් කියන්නේ කිසියම් දෙයක් නැවත නැවතත් සිදු කිරීමක් කියලා කිව්වොත් හරි කියලා මට හිතෙනවා.. ඒ කියන්නෙ එකම දෙයක් වාර ගණනක් සිදු වෙන ක්‍රියාවලිය loop එකක් කියලා අදහස් කරන්න පුළුවන්. ඉතිං අපිට මේ loop එකක් අවශ්‍ය වෙන්නෙ මොන වගේ වෙලාවල් වලටද?

loop එකක් ඕන වෙන්නෙ අපේ program එකේ කොහේ හරි එකම වගේ code ටිකක් නැවත නැවතත් යෙදෙනව නම් අපි එහෙම copy paste කර කර දාන එක ඇත්තටම තේරුමක් නැති වැඩක්නේ.. ඉතිං අපිට පුළුවන් ඒ වගේ වෙලාවල් වලට ඒ code ටික එකතු කරලා ඒ අවශ්‍ය වාර ගානට loop කරවන්න.. එතකොට code එක ලියවෙන්නෙ එක සැරයක් නිසා පැහැදිලියි වගේම තේරුම් ගන්නත් පහසු වෙනවා.. ඇත්තටම මේවා අමාරු නෑ හරියටම වෙන්නෙ මොනවද කියලා තේරුම් ගත්තොත්.. 
නිකමට හිතලා බලන්නකෝ අපිට “Hello World” කියලා print කරන්න ඕන වුනොත් printf(“Hello World”); කියලා ලියලා print කරන්න පුළුවන්නේ.. දැන් මෙහෙම 10 පාරක් print කරන්න ඕන වුනොත් මේ code එක 10 පාරක් ලියන්න වෙනවානේ.. (ඕක මොකක්ද copy paste කරන එකනේ නේද?) ලේසියි කියලා හිතුවට හිතලා බලන්න වාර 10000 ක් print කරන්න ඕන වුනොත් ගණන් කර කර 10000 ක් copy paste කරලා හරි දාන එක ලේසි වෙයිද? අන්න ඒක නිසයි අපිට loop එකක් අවශ්‍ය වෙන්නේ.. ඒකෙන් අපිට පුළුවන් print වෙන code එක එක පාරක් ලියලා ඒක 10000 පාරක් run කරවන්න කියලා කියන්න… දැන් loop එකක් අවශ්‍ය වෙන්නෙ ඇයි කියලා පොඩි අදහසක් හරි තියෙනවා නේද? දැන් එහෙනම් අපි මේ loop වර්ග 3 ගැන බලමු..

For Loop

මේ තියෙන්නෙ පළමු වෙනි loop එක. මේක අපි use කරන්නේ loop වෙන්න ඕන වාර ගණන හරියටම දන්නවනම් විතරයි.. මොකද මේකෙදි අපි loop වෙන්න ඕන වාර ගණනක් දෙන්න ඕන.. අපි දැන් බලමු කොහොමද for loop එකක් use කරන්නෙ කියලා..

C Programming In Sinhala | 06 | Loop

උඩ රූපේ පෙන්නලා තියෙන විදියට for loop එකක් ලියවෙන්නේ මෙන්න මෙහෙමයි.. මතක තියාගන්න මුලින්ම for loop නිසා for කියලා ලියන්න ඕන.. ඊට පස්සෙ වරහන් ඇතුලෙ semi colon(;) 2කින් වෙන් වෙච්ච කොටස් 3ක් තියෙනවා.. අපිට loop කරන්න අවශ්‍ය දේවල් ලියන්න ඕනෙ for loop එකේ වරහනෙන් පස්සෙ දාලා තියෙන curly braces ඇතුලෙ..
දැන් අපි බලමු මේ වරහන ඇතුලෙ තියෙන කොටස් තුනේ මොනවද ලියවෙන්නෙ කියලා.. පළවෙනි කොටසෙ තමයි loop එක පටන් ගන්න ඕනෙ value එක දාන්නෙ.. දෙවෙනි කොටසෙදි condition එකක් දෙන්නේ.. දැන් බලයි මෙහෙම condition එකක් මොකටද කියලා නේද? මේ condition එක වෙනකම් තමයි loop එක run වෙන්නේ ඒ කියන්නෙ loop එක run වෙන්න ඕන වාර ගණන තීරණය වෙන්නෙ මේ දෙවෙනි කොටසෙදි.. තුන්වෙනි කොටසෙදි ලියන්නේ loop එක එකපාරක් run වුනාට පස්සෙ මොකක්ද වෙන්න ඕන කියලා..

දන්නවා තේරුනේ නෑ කියලා.. බය වෙන්න එපා කියාගෙන කියාගෙන ගියේ පොඩි අදහසක් දෙන්න ඕන නිසා.. මම උදාහරණයක් අරගෙන ඒ කියපු ටික හෙමිහිට පැහැදිලි කරලා දෙන්නම්.. ඊට කලින් මම කියලා දෙන්නම් for loop එකක් run වෙන්නෙ කොහොමද කියලා.. එතකොට ටිකක් හරි තේරෙයි කිව්වේ මොකක්ද කියලා..

C Programming In Sinhala | 06 | Loop

මම කිව්වනේ for loop එකේ semi colon (;) 2න් වෙන් වෙන කොටස් තුනෙන් පළවෙනි කොටසෙදි වෙන්නේ loop එක පටන් ගන්න ඕන value එක දාන එක කියලා.. අන්න ඒක නිසාම තමයි for loop එකක මුලින්ම අන්න ඒ කොටස run වෙන්නෙත්..

ඊළඟට run වෙන්නේ දෙවෙනි කොටස.. මේකෙදි අර මුලින්ම දාපු value එකත් එක්ක condition එක check කරලා බලනවා.. එහෙම බලද්දි මේ condition එක true වෙනවනම් මෙයා ඊළඟට for loop එකේ body එක, ඒ කියන්නේ loop කරන්න කියලා අපි ලියලා තියෙන code ටික run කරනවා..

එහෙම run කරලා curly brace එක ඉවර වෙන තැනට ගියාම, ඒ කියන්නේ එක පාරක් loop වුනාට පස්සෙ මෙයා යනවා semi colon (;) වලින් බෙදපු තුන්වෙනි කොටසට.. මෙතනදි අපි ලියලා තියෙනවා loop එක එකසැරයක් run වුනාම වෙන්න ඕන දේ..

මෙයා ඒ දේ කරලා ඊළඟට ආපහු අර condition එක check කරලා බලනවා. එහෙම බලලා ඒක true වෙනවනම් ආපහු කලින් විදියටම loop එකේ body එක run කරනවා. ඊට පස්සෙ ඒ වටෙත් ඉවර වුනාම ආපහු අංක 4 දාලා තියෙන තැනට ගිහින් ඒ වැඩේ කරලා ආපහු condition එක check කරලා බලනවා.. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා කොයි වෙලේ හරි condition එක false වුනාම for loop එකේ ඇතුලෙ තියෙන දේවල් run කරන්නෙ නැතුව loop වෙන එක නවත්තලා for loop එකෙන් එළියට යනවා..

ඔන්න ඔහොම තමයි for loop එකක් run වෙන්නෙ.. දැන් අපි උදාහරණයක් අරගෙන ඔක්කොම ටික ඔළුවට දා ගමු නේද.. හිතන්න අපිට Hello World කියලා 5 පාරක් print කරවන්න ඕන වුනා කියලා.. දැන් අපි බලමු කොහොමද for loop එකක් use කරලා code එක ලියන්නෙ කියලා..

C Programming In Sinhala | 06 | Loop

හැමදේටම කලින් අපි value එකක් දිගටම use කරන්න නම් ඒක store කරලා තියාගන්න ඕන නිසා තමයි මුලින්ම integer type එකේ x කියන නමින් variable එකක් හදලා තියෙන්නේ..

දැන් අපි බලමු for loop එක run වෙන්නෙ කොහොමද කියලා.. මුලින්ම මම කලින් රූපේදි කිව්වා වගේ අංක 1 දාලා තිබුන තැන run වෙන්න පටන් ගන්නවා.. එතකොට x ට 0 assign වෙනවා.. දැන් ඊළඟට වරහනේ දෙවෙනි කොටසට ගිහින් එතන තියෙන condition එක check කරලා බලනවා.. මෙතනදි condition එක විදියට දීලා තියෙන්නේ x කුඩයි 5 කියලානෙ.. ඇත්තටම 0 කියන එක 5 ට වඩා කුඩා නිසා දැන් condition එක true වෙනවා.. ඒක නිසා දැන් body එක run වෙලා Hello World කියලා එක පාරක් print වෙලා body එක ඉවර වුනාට පස්සෙ වරහන ඇතුලෙ තියෙන 3 වෙනි කොටසට යනවා..

කට්ටියට මතක ඇති නේද මෙතන මොකක්ද මේ තියෙන්නෙ කියලා..? Operators වලදි කියලා දුන්නා වගේ මෙතන තියෙන්නේ increment operator එක.. ඒක run වෙනකොට x ගෙ දැනට තියෙන value එකට එකක් එකතු වෙනවා.. ඒ කියන්නේ x ගෙ අගය දැන් 1 වෙනවා..

ඊට පස්සෙ ආපහු condition එක check කරන තැනට ගිහිල්ලා බලනවා.. එතෙනදි 1 කියන එක 5ට වඩා කුඩා නිසා ආපහු loop එකේ body එක run වෙනවා.. එතකොට ආපහු පාරක් Hello World කියලා print වෙනවා.. දැන් එතකොට ඔන්න දෙපාරක් print වුනා හොඳද..

දැන් body එක run වෙලා ඉවර නිසා ආපහු x ගෙ අගය එකකින් වැඩි කරනවා.. එතකොට x ගෙ අගය දැන් 2 යි.. ඊට පස්සෙ condition එක check කරලා බලන කොට 2ත් 5ට වඩා කුඩා නිසා ආපහු body එක run වෙලා Hello World කියලා print වෙනවා.. ඊට පස්සෙ ආපහු x ට එකක් එකතු කරලා ආපහු කලින් විදියටම දිගටම run වෙනවා..

ඔහොම run වෙවී යද්දී x ගෙ අගය 5 වෙලා condition එක check කරද්දි 5 කුඩයි 5 කියන එක false වෙන නිසා අන්න එතනදී body එක run වෙන්නෙ නැතුව for loop එක ඉවර වෙනවා..

ඉතින් ඔන්න ඔහොමයි for loop එකක් run වෙන්නේ.. දැන් ටිකක් තේරුණාට කමක් නෑ ආපහු පාරක් for loop එක ගැන කට්ටිය බලලාම එන්නකෝ.. මොකද අනිත් loop දෙකට යන්න කලින් for loop තේරිලා තිබුනොත් අනිත් දෙකේ ඇති දෙයක් නෑ වගේ.. එච්චරටම ගේමක් නැති වෙනවා.. :-p

දැන් අපි බලමු අනිත් loop වර්ග දෙක කොහොමද use කරන්නෙ කියලා..

While Loop

මේ තියෙන්නෙ දෙවෙනි loop එක.. මේක use කරන්නේ මොකක් හරි condition එකක් false වෙනකල්ම run වෙන්න ඕන වෙලාවල් වලට.. ඒ කියන්නෙ හරියටම වාර ගනනක් නිශ්චිතව දන්නැති කොයි වෙලේ හරි false වෙනකල්ම run වෙන්න ඕන වෙලාවල් වලට.. for loop එකට වඩා නම් මේ දෙකම තේරුම් ගන්න ලේසියි.. දැන් ඉතින් අහන්නෙපා එහෙනම් ඇයි for loop එක මුලින්ම කියලා දුන්නෙ කියලා.. මොකද for loop එක ගැන දන්න නිසා තමයි මේ දෙක දැන් ගොඩක් ලේසි වෙන්නේ..

C Programming In Sinhala | 06 | Loop

while loop එකේදි while නිසා මුලින්ම while කියලා ලියන්න ඕනේ.. ඊට පස්සෙ වරහන් ඇතුලේ check කරන්න ඕන condition එක ලියන්න තියෙන්නේ.. මේකෙදිත් for loop එකේදි වගේම loop වෙන්න ඕන code ටික ලියන්න තියෙන්නෙ curly braces ඇතුලේ.. මේකෙදි වෙන්නේ මුලින්ම වරහන් ඇතුලේ දීලා තියෙන condition එක check කරලා බලනවා. එහෙම බලලා true වෙනවනම් එයාගේ body එක run කරවනවා.. එහෙම එක වාරයක් run වෙලා ඉවර වුනාට පස්සෙ ආපහු condition එක check කරනවා.. check කරලා true වුනොත් ආපහු body එක run කරලා කලින් වගේම ආපහු condition එක check කරනවා.. කොයි වෙලාවක හරි false වුනොත් අන්න එතකොට for loop එකේදි වගේම while loop එකෙත් body එක run කරවන්නෙ නැතුව loop එක නවතිනවා..

දැන් අපි බලමු කොහොමද for loop එකේදි අපි බලපු අර Hello World කියලා 5 පාරක් print කරපු code එක while loop එක use කරලා කරන්නෙ කියලා..

C Programming In Sinhala | 06 | Loop

මුලින්ම කලින් වගේම value එක දාන්න x කියලා variable එකක් හදලා තියෙනවා.. හැබැයි මේකෙදි for loop එකේදි වගේ වරහන් ඇතුලෙ කොටස් තුනක් නැති නිසා while loop එකට කලින් තමයි පටන් ගන්න ඕන value එක x ට assign කරලා තියෙන්නෙ..

ඊට පස්සෙ while loop එක නිසා while කියලා ලියලා වරහන් ඇතුලෙ condition එක ලියලා තියෙනවා.. මේකෙදි වරහන් ඇතුලෙදි බලනවා දැන් x ලඟ තියෙන value එක 5ට වඩා කුඩයිද කියලා.. ඇත්තටම ඉතින් 0 5 ට වඩා කුඩා නිසා condition එකනම් true වෙලා. ඒක නිසා දැන් while loop එකේ body එක run වෙන්න පටන් ගන්නවා.. එතකොට Hello World කියලා print වෙනවා..

ඊට පස්සෙ x ගෙ අගයට එකක් එකතු කරන්න කියලා ලියලා තියෙනවා.. ඒක body එකේම ලියලා තියෙන්නෙ for එකේදි වගේ අන්තිමට වෙන්න ඕන දේ ලියන්න කොටසක් while loop එකේ නැති නිසයි.. මෙහෙම body එක ඉවර වුනාට පස්සෙ ආපහු condition එක check කරනවා.. දැන් 1 කියන එකත් 5ට වඩා කුඩා නිසා ආපහු body එක run වෙනවා.. මෙහෙම දිගටම වෙලා කොයි වෙලේ හරි condition එක false වුන වෙලාවට while loop එක නවතිනවා..

දැන් while loop එක ගැනත් idea එකක් තියෙන නිසා අපි දැන් බලමු අපේ අන්තිම loop එක ගැන…

Do While Loop

මේ තියෙන්නෙ අන්තිම loop එක මේකත් තනි කරම while loop එකම තමයි පොඩී වෙනසක් තිබුනට.. ඇත්තටම දැන්නම් මේක ගේමක්ම නැති වෙයි කියලා හිතෙන නිසා කෙලින්ම වැඩේට බහිමුකො..

C Programming In Sinhala | 06 | Loop

දැක්කනේ මේකෙ තියෙන වෙනස මොකක්ද කියලා? ඇත්තටම මේකෙ තියෙන වෙනස තමයි වෙන්න ඕන දේවල් ටික ලියන්න තියෙන්නෙ do කියලා ලියලා curly braces දාලා ඒක ඇතුලෙ.. ඊට පස්සෙ කලින් විදියටම while කියලා ලියලා වරහන ඇතුලෙ condition එක ලියන්න ඕනෙ.. හොඳට මතක තියාගන්න මෙකෙදි while කියලා ලියලා වරහන් ඇතුලෙ condition එක ලිව්වට පස්සෙ semi colon (;) එකක් තියන්න ඕනෙ..

ඇත්තටම do while එකේ තියෙන විශේෂම දේ තමයි start එකේදිම condition එක false වෙලා තිබුනොත් while එකෙයි for එකෙයි body run වෙන්නෙ නැති වුනාට do while එකේ run කරලා ඉවර වෙලා condition එක check කරන නිසා මුලින්ම condition එක false වෙලා තිබුනත් අඩුම තරමෙ එක පාරක් වත් body එකේ තියෙන දේවල් run වෙනවා..

දැන් ඉතින් do while එක use කරලා කලින් උදාහරණෙ ආපහු කියලා දෙන එක තේරුමක් නෑ කියලා හිතෙන නිසා මම ඔයාලට ඒ වැඩේ බාර දෙනවා.. ඔන්න එහෙනම් කලින් උදාහරණෙ do while එකෙනුත් කරලා බලන්න..

Summary

loop වර්ග 3යි තියෙන්නෙ.. ඒවායේ වෙනස් කම් තමයි,

for එක use කරන්නේ loop වෙන්න ඕන වාර ගාන හරියටම දන්නවනම්…
while එක use කරන්නෙ මොකක් හරි condition එකක් false වෙනකන්ම loop වෙන්න ඕන නම්…
do while එක use කරන්නෙ condition එක true වුනත් false වුනත් අනිවාර්යෙන්ම එකපාරක් body එක run වෙන්නම ඕනනම්…

හැබැයි මොනවා වුනත් 3න්ම වෙන්නෙ loop වෙන එක..

දැන් එහෙනම් loop ගැන කට්ටියටම තේරුණා කියලා හිතනවා.. වැරදිලා හරි කෙනෙක්ට තේරෙන්නෙ නැත්නම් දෙවෙනි පාරක් බලන්න කම්මැලි වෙන්න එපා.. මොකද එතකොට අනිවාර්යෙන්ම තේරෙනවා..

2 thoughts on “C Programming In Sinhala | 06 | Loop

Leave a Reply

Your email address will not be published. Required fields are marked *