Sinhala Fonts 2000 Collection

Sinhala Fonts 2000 Collection

ඔබගේ පරිගණකයේ sinhala fonts නැතිද? එසේනම් මෙන්න ඔයාලට sinhala fonts 2000ක්ම තිබෙන zip file එකක්. මෙහි ඔබට creative fonts බොහොමයක් අන්තර්ගත කර තිබෙනවා. ඔබ Graphic design, Video editing, Type setting කරන් කෙනෙක්නම් ඔබට මෙය ගොඩක් වැදගත් වෙයි.

Sinhala Fonts 2000 Collection

මට අන්තර්ජාලයේ සැරිසරන විට අපූරු comment එකක් දැක්කා. මේ font සම්බන්දයෙන් ලොකු දැනුමක් ඒකේ තියෙනවා. පහතින් මම එම comment එක දාන්නම්.

මම සිංහල Fonts ගැන යමක් කියන්නම ඕනෙ. මේ සිංහල Fonts නිර්මාණ බොහෝමයක් සියයට අනූවක්ම එක සමානයි. සිංහල Fonts 10ක් 12ක් උඩ තමයි සියල්ලම බේස් වෙලා තියෙන්නෙ. එම බේසික් Fonts 10-12න් 10ක්ම නිර්මාණය කලේ Font Masters කියන කම්පැණිය කරගෙන යන අපේ රටේ ඡේෂ්ඨ නිර්මාණ ශිල්පියෙක් වන පුෂ්පානන්ද ඒකනායක මහත්මයා. සිංහල අකුරැ නිර්මාණයේ පුරෝගාමියා ඔහුයි. ඔහු තමයි 1980 දශකයේ ජාතික රූපවාහිනියේ සිංහල අකුරු ඇන්ද චිත්‍ර ශිල්පියා. පසු කාලෙක ඔහුගේ චිත්‍ර ශිල්පයේ දක්ෂකමට පරිගණක දැනුමත් එකතු වෙලා FM- Fonts මාලාව නිර්මාණය වුණා. ඔහු ඒ විෂය හෝ‍දටම හදාරලා, භාෂාව කිසිම අඩුවක් නොවෙන්න අකුරු නිර්මාණය කල අයෙක්. ලොකුම ලොකු කාලයක් ඒ සදහා වැය කලා. ඔහු ඒ කාලෙ මේ Fonts 8 ඇඩ්වර්ටයිසිං කම්පැණි සහ පත්තර කන්තෝරැ වලට වික්කා. පස්සෙ මේ අකුරු 8 අපේ අය කොපි කරා. ඒ විතරක් නෙමෙයි. ඒවායේ මුල් නම මාරු කලා නීතියෙන් බේරෙන්න. DL -, Mi- වගේ අකුරු ඉස්සරහින් දාගෙන පිටිපස්සට තමුන්ගෙ නම හරි තම පෙම්වතියගේ නම හරි දාගෙන වික්කා. එහෙමත් නැත්නම් නිකංම දුන්නා. අර පුෂ්පානන්ද මහත්තයා කරගන්න දෙයක් නැතුව Fonts හදන එක නැවිත්තුවා. ඒත් දැං එයා හරිම සුන්දර නවතම අකුරු ටිකක් නිර්මාණය කරලා තියෙනවා. ඒත් ඒ අකුරු ඔහු විකුණන්නේ නැහැ. කිසිම යාළුවෙකුට දෙන්නෙත් නෑ. කලින් වෙච්ච බලු වැඩේ මතකයිනෙ. ඒත් උවමනා අයට එයාගෙ අළුත් අකුරු වලින් ටයිප් සෙටින් කරලා දෙනවා. ලංකාව වගේ අඩු පහසුකම් තියෙන රටක ඒ වගේ දඣෂයෙක් ඉන්න එක ගැන ආඩම්බර වෙන්න ඕනෙ.

– Saman R Silva –

Font 2000 zip file එක මෙතනින් download කරගන්න.

එසේනම් අද article එක ඉවරයි. අපගෙ හවත් article බලන්න මෙතනින් යන්න. එසේනම් තවත් Article එකකින් හමුවෙමු.

හැමෝටම ජයව් වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *