C programmin in sinhala

C Programming In Sinhala | 01

C Programming හැදින්වීම

C Programming භාෂාව බොහොමයක් programming භාෂා නිර්මාණයට පාදක කරගෙන තිබේ. උදාහරණයක් ලෙස Java, Arduino වැනි programming භාෂා පෙන්වා දිය හැකිය. ඒවගේම බොහොමයක්ම Computer programming Degrees වලදී මූලික කරුණු ඉගැන්වීමට මෙම භාෂාව යොදාගනී. එම නිසා මම මෙම Serious එකේදී Structure Programming පමණක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනගියෙ

එහෙනම් අපි යමු අද කොටසට. අද අපි කරන්න යන්නේ “Hello word” console එකේ ප්‍රින්ට් කරන එක.

#include <stdio.h>
int main() {
   printf("Hello, World!");
   return 0;
}

එහෙනම් අපි බලමු code එකෙන් වෙන්නෙ මොකක්ද කියලා.

පලවෙනි Line එකෙන් කරන්නේ stdio.h කියන in-build library එක අපගේ code එකට import කරගන්න එක. #include කියන එකෙන් කරනේ අපිට අපගේ code එකට library import කරන එක. stdio.h කියන library එකෙන් කරනේ console එකේ මොනවහරි print කරන එක සහ console එකෙන් input එකක් ලබාගන්න එකයි. stdio.h කියන library එකෙහි නම Standed Input Output යන්නයි.

ඊලගට තියෙන්නේ int main() කියන function එකයි. Function පිලිබදව ඉදිරියේදී විස්තරාත්මකව කිරීමට බලාපොරොත්තු වෙනවා. c programming වලදී මුලින්ම රුන් වෙන function එක තමයි main කියන function එක.

එම function එක තුල තිබෙන printf(“hello world”) මගින් සිදු කරනේ console එකෙහි hello world ලෙස print කිරීමයි. අපට යමක් console එක මත print කිරීමට අවශ්‍ය නම් එය සිදු කිරීමට printf() යන function එක භාවිතා කරයි. මෙම function “Pre-define function” ලෙස හදුන්වයි.

return 0 යන code එකෙන් සිදු කරන්නේ function එකෙන් පිටතට 0 යන අගය ලබාදීමයි. return ගැන වැඩිදුරට function ගැන කියාදෙන විට කියලා දෙන්නම්.

එහෙනම් අද කොටස අවසන්. ප්‍රශ්න සහ ඔබගේ ගැටලු පහතින් comment කරන්න. මීලග කොටසින් හමුවෙමු.

ජය වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *